About Us

Our Mentors

25 years of trust

වසර 25 ක ගොඩනගාගත් විශ්වාසය

වසර 25 කට වැඩි කාලයක් උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යනය ඉගැන්වීමත් උපාධි
අපේක්ෂකයින්ට සහ වෘත්තීය විභාග වලට පෙනී සිටින සිසුන්ට ව්‍යාපාර කළමනාකරණය ඉගැන්වීමත් තුළින්
ලත් දැනුම අත්දැකීම් සහ පළපුරුද්ද පදනම් කරගෙන 2013 වර්ෂයේ knowledge bank ආයතනය ආරම්භ කිරීමට
ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයකි.
මා හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගුරු උපදේශකවරුන් කොළඹ ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් සහ
නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රසිද්ධ දේශකවරුන් සහභාගී කරගෙන සිසු දරුවන්ට පාසලෙන් සහ උපකාරක
පන්තිවලින් ලබාදෙන අධ්‍යාපනයට අමතරව වැඩි දැනුමක් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපනයට අදාළ
පොත්පත් සහ ප්‍රශ්න පත්‍ර කට්ටල සම්පාදනය කිරීම ආරම්භ කරන ලදී’
විෂය කරුණු පිළිබඳ හොඳ දැනුමක් පාසලෙන් සහ උපකාරක පන්තිවලින් ලබා ගත්තත් ප්‍රශ්න වලට පිළිතුරු
ලිවීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවත්නා බැවින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින
දරු දැරියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව දියුණු කර විභාග ඉලක්ක ජය ගැනීම සඳහා ආදර්ශ
ප්‍රශ්න පත්‍ර ශ්‍රී ලංකාවේ පළාත් 9 ට අදාල ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සිංහල හා
ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කර ඇත.
පසුගිය වසර කීපය තුළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ අය knowledge bank
ආයතනයේ ප්‍රශ්න පත්‍ර පරිශීලනය කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට හේතු වූ බව ප්‍රකාශ කිරීම අපට
නිහතමානි සතුටකි’ අද වන විට වෙළෙඳ පොළෙන් සියයට 65 ක කොටසක් knowledge bank ආයතනයට අත්පත්
කර ගැනීමට හැකි වී ඇත්තේ නිවැරදිව ඉහළ ගුණත්වයෙන් යුත් දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉහළින්ම
සපුරාලීමට හැකි වූ නිසාය’
මෙවර විභාගයට සූදානම් වන ඔබත් විභාගයට පෙර ඒ ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ කාලය වෙන් කර ගෙන ඔබ
විසින් තනියම පිළිතුරු ලියා මෙහි ඇති අපගේ පිළිතුරු සමඟ සංසන්දනය කර බලා ඇගැයීමක් කරගන්න ඒ තුළින් ඔබ
විභාගයට යම් අත්දැකීමක් එකතු කරගන්න” ඔබට මෙම ප්‍රශ්න පත්‍ර පරිශීලනය කිරීමෙන් උසස් ජයක්
ලැබේවායි අපගේ පැතුමයි
රංජිත් මඩවල
Master of Entrepreneurship – University of Sri Jayewardhanapura
B.Sc (mgt) Special – University of Sri Jayewardhanapura
Dip. in Psychology and Counselling – University of Kelaniya
0722 113 106 , 071 655 30 54

Our Vision

Our Mission

We will be the one stop platform of education with ease of access in empowering the future generations with information, knowledge and educational resources with affordability and innovation.

  • Be the trusted provider of model papers and answers on all exams in Sri Lanka
  • Be the best online higher education service provider
  • Be the valued portal of guiding Sri Lankan students for a pathway until their career
  • Become the central hub of information related to education, career and knowledge related products and events.

TOP

X